කපු‍ටාගේ තවත් වැඩක්

Saturday 2 January 2010

2012 දෙසැම්බර් 21 කුමක් සිදුවෙයිද? - සත්‍ය දැනගන්න




















'' විභාගෙ කරාට වැඩක් නෑ.මේ ඹක්කොම 2012 දි ඉවරයිනෙ......"" මේ කථාව ඔබත් ‍ඔබේ මිතුරන්ට පවසා ඇති. ඇත්ත‍ටම 2012 දි කුමක් සිදුවෙයිද?

2012 කථාබහ කරළිය‍‍ට පැමිණියේ Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කල 2012 ‍චිත්‍රප‍ටය හදුන්වා දුන් පසුවයි. ඇත්තටම ඊ‍ට පෙර මේ ගැන සංවාදයක් ඇතිවී තිබුනාද? නැත. ‍අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය තිරගතවීම‍ට වසර ගණනාවකට පෙර සිට 2012 ගැන සංවාදයක් ඇරඹීය, මිනිසුන් තුල බියක් ඇති කලේය. අවසානයේ සිදුවූයේ කුමක්ද? 2012 චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් තිරගත වීමයි. විචාරකයන් පවසන අන්දමට මෙහි සජීවිකරණය ඉහළ මට්ටමක පැවතුනත් තිර රචනය ඉතාමත් දුර්වල මට්ටමක පවතී. මෙය ඔහු විසින් නිර්මාණය කළ The day after tommorow චිත්‍රපටයට වඩා ඉතාමක් දුර්වල මට්ටමක පවතී. නමුත් මෙය The day after tommorow චිත්‍රපටය‍ට වඩා වීශාල ආදායමක් ලැබීය. හේතුව නම් ඔහුගේ පූර්ව ප්‍රචාරක සැලසුම්ය.

ඇත්ත කුමක්ද?. මායා ශිෂ්ඨාචාරය විවිධ අධ්‍යාත්මික බල‍යන්ගෙන් පිරි බුද්ධිමත් ජාතියක් ලෙස සැලකේ. ඔවු‍න්ගේ නිර්මාණය කල දින දර්ශනය‍ට‍ අනුව 2012 දෙසැම්බර් 21 දින ඔවුන්‍‍ගේ දින දර්ශනය‍ අවසන් වේ. එතැන් ප‍ටන් අලුත් දින දර්ශනයක්, අලුත් ලොවක් ඇරඹෙන බව ඹවු‍න්‍ගේ අදහසයි.

සමහර මිනිසුන් විශ්වාස කරන්නේ එදින ලෝක විනාශය සිදුවන බවයි. එක් නිගමනයක් නම් භූමි කම්පා ඇතිවීම,සුනාමි ඇතිවීම, ඇමරිකාවේ පොලව ය‍ට පිහිටි ලොව විශාලම ගින්කන්ද පුපුරා එයින් ඇතිවන ධූලි වලාව, සහ පෘතුවියේ චුම් ධ්‍රැව මාරැ වීමයි. තවත් නිගමනයක් නම් උල්කාපාතයක් පෘතුවිය‍ට කඩා වැදී මෙම විනාශය සිදුවන බවයි.
මෙන්න මෙවා‍ට පිලිතුරැ.


මායා දින දර්ශනය

- 2012 දී උල්කාපාතයක් කඩා වැටීමේ සම්භාවිතාවක් කෙසේවත් නැති බව NASA ආයතනය පවසයි. උල්කාපාතයන් කඩන් වැටෙන බව පවසන්නේ දෛවඥයන් මිසක් විද්‍යාඥයන් නොවේ.

- නුදුරැ අනාගතයේ පෘතු‍වියේ ධ්‍රැව මාරැවක් සිදුවීමේ ඉඩකඩක් ඇති බව NASA ආයතනය තහවුරැ කරයි. මී‍ට වසර 780,00 ක‍ට පෙර ද මෙසේ චුම්භක ධ්‍රැව මාරැවක් සිදුවූ බව පැවසේ. බොහෝ දෙනා පවසන්නේ 2012 දී මෙය සිදුවීමට ඉඩකඩ ඇතිබවයි. ඇත්තටම මෙය සිදුවීමට ඉඩකඩ ඇත. ධ්‍රැව මාරැවීමක් මගින් සියලුදෙයටම,සන්නිවේදන මාර්ග, සියලු සත්‍යයන්‍ට, මනුෂ්‍යන්‍ට පවා බලපෑමක් ඇතිකරයි. නමුත්! ‍ඒ ගැන කථා කරන කවුරැත් මේ ගැන පවසනවාද?.. ධ්‍රැව මාරැවක් සම්පූර්ණ වීමට අවම වශයෙන් වසර 5,000 ගත වන බව විද්‍යාඥයන් පවසයි. එබැවින් 2012 දී මෙය ආරම්භ වුවහොත් සිදුවන්නේ කුමක්ද?... සිදුවීම‍මට ඉඩකඩ ඇති දරැණුම දෙයනම් තාවකාලිකව ජංගම දුරකථන, GPS වැනි උපකරණ විසන්ධි වීමයි.

ඉතින් දැන් ඔබ සිත්න්නේ කුමක්ද? ... එසේනම් 2012 ගැන මෙතරම් කථාබහක් ඇතිවී තිබෙන්නේ ඇයිද යන්නද?
ඉහත සදහන් කල පරිදි 2012 චිත්‍රපටයෙන් ඇරඹුණු මෙම කථාබහ බොහෝ පුද්ගලයන්‍ට ආදායම් මාර්ග වී ඇත. ‍ඹවුන් මෙය ‍‍චිත්‍රපටයෙන් පමණක් සීමා නොකර තවදුරටත් අලෙවි කරයි. පහත වීඩියෝව නරඹන්න.



දැන් ඔබ සත්‍ය වටහා ගත්තාද?. ‍බුද්ධීයෙන් වටහාගෙන ක‍ටයුතු කරන්න.

ඔබේ වටිනා අදහසුත් මෙහි පලකරන්න. මෙම ලිපිය තවදුරටත් පුලුල් කිරීමට මා අදහස් කර ඇත.


පවිත්‍ර ලමාහේවා

සනත් තරහද?




සනත් ජයසූරිය තමන්ගේ ක්‍රිකට් දිවියේ 20 වැනි වසර පසුගියදා සැමරැවේය. 1990 දශක ෙය් මැද භාග ෙය් සිට ෙම ෙතක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටිය වර්ණවත් කළ සනත් 20 වැනි වසර සපුරද්දී ඹහුට ලැබිය යුතු ෙගෟරවය ලැබුණාදැයි යන සැකය අපට පහළ විය. කවදත් නිහතමානී ක්‍රීඩක ෙයකු වූ සනත් සියල්ලන්‍ටම අමතක වූයේ ඇයිද යන්නට පිළිතුරක් සොයා ගැනීම‍ට අපහසුය.
"කණගාටුවට කරැණ නම් මම අවුරැදු 20ක් ( ජාත්‍යන්තර පිටියේ ) සපුරනවා කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන සිටිනවාදවත් නොදැනීමයි........'' cricinfo.com වෙබ් අඩවිය සනත්ගේ 20 වසරක ක්‍රීඩා දිවිය සමරමින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේද දී සනත් කීවේය. ඒ අනුව තමන්ට අත්වූ තත්වය ගැන සනත්ගේ සිතේ කණගාටුවක් නැතුවා වන්නට බැරිය. සචින් ටෙන්ඩුල්කාර් ජාත‍‍්‍යන්තර පිටියේ 20 වැනි වසර සම්පූර්ණ කරද්දී ඉන්දියාව එය සැමරෑ ආකාරය දෙස බලද්දී එයින් 1% ක්වත් ශ්‍රී ලංකාවේ අප සනත් වෙනුවෙන් කළේද යන්න ගැන ගැටලුවක් පැන නගියි.
අර්ජුන ලෝක කුසලානය ගෙන එද්දී තරගාවලියේ වීරයා සනත් එයින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය‍ට කල මෙහෙය අමිලය. නායකයන් සහ මෑන් ඔෆ් ද මැච් ගැන නොයෙක් දේ දොඩවන මැතිවරණ වේදිකාවක් පවතින කාලයක තමන්ගේ ජන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට හෝ සිතා සනත් වෙනුවෙන් සු‍විශේෂ උත්සවයක් පැවැත්විය යුතු නොවේද?. එසේ ‍නොවේනම් සෑම අතින්ම ගුණ මකුවන් වන ශ්‍රී ලාංකිකයන්ගේ තරම යළිත් වරක් පෙන්වමින් සනත්ව අමතකව යනු ඇත.
ටෙන්ඩුල්කාර් ර‍ටට වඩා තමන්‍‍ ගැන සිතා ක්‍රීඩා කරද්දී සන්ත් තරගයේ වීරයා වූ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ ජයග්‍රහනයද විය. එසේ ක්‍රීඩා කල සනත් දැන් කාට කා‍ටත් අමතකද?


ලංකාදීප පුවත්පතේ ලිපියක් ඇසුරෙනි





Wednesday 30 December 2009

Cricket Revolution ( ක්‍රිකට් රෙවලූෂන් )

























Cricket Revolution කියන්නේ දැන‍ට තියෙන හොදම Multiplayer ක්‍රිකට් ගේම් එක. මේක හදල තියෙන්නෙ Mindstorm studio කට්ටිය. පුදුම වෙන්න එපා, මේ ගේම් එක හදල තියෙන්නෙ පකිස්ථානෙ. මමත් මේක ඩවුන්ලෝඩ් කරල බැලුව. Gameplay මරැ. Trailer එක දැක්කම හිතාගන්න බැරිවෙයි පකිස්ථානෙ හැදුවද කියල.Cricket 07 ගහල කම්මැලිකමේ හිටපු අය‍ට මේක මරැ. www.cricketrevolution.com ගිහින් බලන්නකෝ..



Single player විතරයි ගහන්න හම්බවුනේ. Mutiplayer ගහන්න patch එකක් ඕනෙ. දවසෙම හෙව්ව,හම්බ වුනේ නෑ. patch එක හම්බවුන කෙනෙක් කරැණාකරල මටත් කියන්න.
මේක සල්ලි ගෙවලම ගන්න පුලුවන් $19 ක් විතරයි. හදන අය‍ට උදව්වක් වශයෙන් එහෙම කරන්න කියල තමයි ඒගොල්ලො කියන්නෙ.

මම නම් සල්ලි නැති නිසා බාගත්ත කරා. ඔන්න කැමති අය බාගන්න. ඔක්කොම 500MB විතරයි.

1 වන කොටස බාගැනීම සදහා මෙතන කොටන්න
2 වන කොටස බාගැනීම සදහා මෙතන කොටන්න
3 වන කොටස බාගැනීම සදහා මෙතන කොටන්න
4 වන කොටස බාගැනීම සදහා මෙතන කොටන්න

මේ ගේම් එක ගහන්න පරිඝනකයේ තිබිය යුතු සුදුසුකම් මෙන්න.

    අවම සුදුසුකම්:

    • OS: Windows 2000/NT/XP/Vista
    • Processor: Pentium 4, 2.0GHz processor
    • Memory: 512 MB RAM (1 GB for Vista)
    • Graphics: 128 MB supported video card
    • DirectX®: 9.0c or later
    • Hard Drive: 1 GB available
    • Sound: DirectX compatible sound card



    අනුමත සුදුසුකම්:

    • OS: Windows XP/Vista
    • Processor: Intel® 2.4 GHz Dual Core processor
    • Memory: 1 GB RAM (2 GB for Vista)
    • Graphics: 256 MB 6600 Nvidia graphics card or ATI equivalent
    • DirectX®: 9.0c or later
    • Hard Drive: 1 GB available
    • Sound: DirectX compatible sound card