කපු‍ටාගේ තවත් වැඩක්

Saturday 2 January 2010

2012 දෙසැම්බර් 21 කුමක් සිදුවෙයිද? - සත්‍ය දැනගන්න




















'' විභාගෙ කරාට වැඩක් නෑ.මේ ඹක්කොම 2012 දි ඉවරයිනෙ......"" මේ කථාව ඔබත් ‍ඔබේ මිතුරන්ට පවසා ඇති. ඇත්ත‍ටම 2012 දි කුමක් සිදුවෙයිද?

2012 කථාබහ කරළිය‍‍ට පැමිණියේ Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කල 2012 ‍චිත්‍රප‍ටය හදුන්වා දුන් පසුවයි. ඇත්තටම ඊ‍ට පෙර මේ ගැන සංවාදයක් ඇතිවී තිබුනාද? නැත. ‍අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය තිරගතවීම‍ට වසර ගණනාවකට පෙර සිට 2012 ගැන සංවාදයක් ඇරඹීය, මිනිසුන් තුල බියක් ඇති කලේය. අවසානයේ සිදුවූයේ කුමක්ද? 2012 චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිද දමමින් තිරගත වීමයි. විචාරකයන් පවසන අන්දමට මෙහි සජීවිකරණය ඉහළ මට්ටමක පැවතුනත් තිර රචනය ඉතාමත් දුර්වල මට්ටමක පවතී. මෙය ඔහු විසින් නිර්මාණය කළ The day after tommorow චිත්‍රපටයට වඩා ඉතාමක් දුර්වල මට්ටමක පවතී. නමුත් මෙය The day after tommorow චිත්‍රපටය‍ට වඩා වීශාල ආදායමක් ලැබීය. හේතුව නම් ඔහුගේ පූර්ව ප්‍රචාරක සැලසුම්ය.

ඇත්ත කුමක්ද?. මායා ශිෂ්ඨාචාරය විවිධ අධ්‍යාත්මික බල‍යන්ගෙන් පිරි බුද්ධිමත් ජාතියක් ලෙස සැලකේ. ඔවු‍න්ගේ නිර්මාණය කල දින දර්ශනය‍ට‍ අනුව 2012 දෙසැම්බර් 21 දින ඔවුන්‍‍ගේ දින දර්ශනය‍ අවසන් වේ. එතැන් ප‍ටන් අලුත් දින දර්ශනයක්, අලුත් ලොවක් ඇරඹෙන බව ඹවු‍න්‍ගේ අදහසයි.

සමහර මිනිසුන් විශ්වාස කරන්නේ එදින ලෝක විනාශය සිදුවන බවයි. එක් නිගමනයක් නම් භූමි කම්පා ඇතිවීම,සුනාමි ඇතිවීම, ඇමරිකාවේ පොලව ය‍ට පිහිටි ලොව විශාලම ගින්කන්ද පුපුරා එයින් ඇතිවන ධූලි වලාව, සහ පෘතුවියේ චුම් ධ්‍රැව මාරැ වීමයි. තවත් නිගමනයක් නම් උල්කාපාතයක් පෘතුවිය‍ට කඩා වැදී මෙම විනාශය සිදුවන බවයි.
මෙන්න මෙවා‍ට පිලිතුරැ.


මායා දින දර්ශනය

- 2012 දී උල්කාපාතයක් කඩා වැටීමේ සම්භාවිතාවක් කෙසේවත් නැති බව NASA ආයතනය පවසයි. උල්කාපාතයන් කඩන් වැටෙන බව පවසන්නේ දෛවඥයන් මිසක් විද්‍යාඥයන් නොවේ.

- නුදුරැ අනාගතයේ පෘතු‍වියේ ධ්‍රැව මාරැවක් සිදුවීමේ ඉඩකඩක් ඇති බව NASA ආයතනය තහවුරැ කරයි. මී‍ට වසර 780,00 ක‍ට පෙර ද මෙසේ චුම්භක ධ්‍රැව මාරැවක් සිදුවූ බව පැවසේ. බොහෝ දෙනා පවසන්නේ 2012 දී මෙය සිදුවීමට ඉඩකඩ ඇතිබවයි. ඇත්තටම මෙය සිදුවීමට ඉඩකඩ ඇත. ධ්‍රැව මාරැවීමක් මගින් සියලුදෙයටම,සන්නිවේදන මාර්ග, සියලු සත්‍යයන්‍ට, මනුෂ්‍යන්‍ට පවා බලපෑමක් ඇතිකරයි. නමුත්! ‍ඒ ගැන කථා කරන කවුරැත් මේ ගැන පවසනවාද?.. ධ්‍රැව මාරැවක් සම්පූර්ණ වීමට අවම වශයෙන් වසර 5,000 ගත වන බව විද්‍යාඥයන් පවසයි. එබැවින් 2012 දී මෙය ආරම්භ වුවහොත් සිදුවන්නේ කුමක්ද?... සිදුවීම‍මට ඉඩකඩ ඇති දරැණුම දෙයනම් තාවකාලිකව ජංගම දුරකථන, GPS වැනි උපකරණ විසන්ධි වීමයි.

ඉතින් දැන් ඔබ සිත්න්නේ කුමක්ද? ... එසේනම් 2012 ගැන මෙතරම් කථාබහක් ඇතිවී තිබෙන්නේ ඇයිද යන්නද?
ඉහත සදහන් කල පරිදි 2012 චිත්‍රපටයෙන් ඇරඹුණු මෙම කථාබහ බොහෝ පුද්ගලයන්‍ට ආදායම් මාර්ග වී ඇත. ‍ඹවුන් මෙය ‍‍චිත්‍රපටයෙන් පමණක් සීමා නොකර තවදුරටත් අලෙවි කරයි. පහත වීඩියෝව නරඹන්න.



දැන් ඔබ සත්‍ය වටහා ගත්තාද?. ‍බුද්ධීයෙන් වටහාගෙන ක‍ටයුතු කරන්න.

ඔබේ වටිනා අදහසුත් මෙහි පලකරන්න. මෙම ලිපිය තවදුරටත් පුලුල් කිරීමට මා අදහස් කර ඇත.


පවිත්‍ර ලමාහේවා

0 comments: