"කණගාටුවට කරැණ නම් මම අවුරැදු 20ක් ( ජාත්‍යන්තර පිටියේ ) සපුරනවා කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන සිටිනවාදවත් නොදැනීමයි........'' cricinfo.com වෙබ් අඩවිය සනත්ගේ 20 වසරක ක්‍රීඩා දිවිය සමරමින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේද දී සනත් කීවේය. ඒ අනුව තමන්ට අත්වූ තත්වය ගැන සනත්ගේ සිතේ කණගාටුවක් නැතුවා වන්නට බැරිය. සචින් ටෙන්ඩුල්කාර් ජාත‍්‍යන්තර පිටියේ 20 වැනි වසර සම්පූර්ණ කරද්දී ඉන්දියාව එය සැමරෑ ආකාරය දෙස බලද්දී එයින් 1% ක්වත් ශ්‍රී ලංකාවේ අප සනත් වෙනුවෙන් කළේද යන්න ගැන ගැටලුවක් පැන නගියි.
අර්ජුන ලෝක කුසලානය ගෙන එද්දී තරගාවලියේ වීරයා සනත් එයින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට කල මෙහෙය අමිලය. නායකයන් සහ මෑන් ඔෆ් ද මැච් ගැන නොයෙක් දේ දොඩවන මැතිවරණ වේදිකාවක් පවතින කාලයක තමන්ගේ ජන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමට හෝ සිතා සනත් වෙනුවෙන් සුවිශේෂ උත්සවයක් පැවැත්විය යුතු නොවේද?. එසේ නොවේනම් සෑම අතින්ම ගුණ මකුවන් වන ශ්‍රී ලාංකිකයන්ගේ තරම යළිත් වරක් පෙන්වමින් සනත්ව අමතකව යනු ඇත.
ටෙන්ඩුල්කාර් රටට වඩා තමන් ගැන සිතා ක්‍රීඩා කරද්දී සන්ත් තරගයේ වීරයා වූ සෑම අවස්ථාවකදීම කණ්ඩායමේ ජයග්‍රහනයද විය. එසේ ක්‍රීඩා කල සනත් දැන් කාට කාටත් අමතකද?
ලංකාදීප පුවත්පතේ ලිපියක් ඇසුරෙනි
0 comments:
Post a Comment